ஈஸ்டர் தாக்குதலில் ஷானி மற்றும் ரவியை சிக்கவைத்த தேசபந்துவுக்கு சிக்கல்.

shani-and-ravi-who-were-involved-in-the-easter-attacks-were-given-a-working-holiday

පසුගිය ජනාධිපතිවරණ සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙලෙස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අදාළ තීන්දුවේ සඳහන් වේ.




පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් දෙදෙනා විසින් ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ අදාළ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවය.

අධිකරණ තීන්දුවට අනුව, අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන මහත්වරුන්ට රුපියල් 50,000 බැගින් ගෙවිය යුතුය. එමෙන්ම අදාළ විමර්ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින්ද පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

Post a Comment

Previous Post Next Post